ස්පාඤ්ඤයේ රසායනික ගබඩාවක ගින්නක්

දෙසැ 13, 2019

    ස්පාඤ්ඤයේ කැටලෝනියා කලාපයේ පිහිටි රසායනික ගබඩාවක ගින්නක් හටගෙන තිබේ.

    ඒ හේතුවෙන් අවට ප්‍රදේශයේ වෙසෙන ජනතාව ඉවත් කිරීමටත් බලධාරීන් පියවර ගත්තේය.

    ස්පාඤ්ඤයේ කැටලෝනියා ස්වයංපාලන බලප්‍රදේශයට අයත් මොන්තොර්නස් ඩෙල් වැලෙස් ප්‍රදේශයේ පිහිටි රසායනික ගබඩාවක මෙම දැවැන්ත ගින්න හටගෙන තිබේ.

    ගින්නත් සමඟ ප්‍රදේශය පුරා කළු පැහැති ඝන දුමාරයක්ද පැතිර ගිය බව විදෙස් වාර්තා සඳහන් කළේය.

    මේ හේතුවෙන් අවට ප්‍රදේශයේ වෙසෙන බොහෝ පිරිසක් ආරක්ෂිත ස්ථානවලට යැවීමට පියවර ගෙන තිබුණි.

    එමෙන්ම ගබඩාවේ සිට මීටර් 500ක සීමාවේ වෙසෙන ජනතාවට සිය නිවෙස් තුළටම වී සිටින ලෙසද බලධාරීන් දැනුම් දී තිබූ බව සඳහන් වෙයි.

    ගින්න පාලනය කිරීමට ගිනි නිවීමේ රථ 28ක් යොදවා තිබුණි.

    කෙසේ නමුත් ගින්නෙන් කිසිදු පුද්ගල හානියක් වාර්තා වී නැහැ.

    ගබඩාවේ ගින්න හට ගැනීමට හේතුව මෙතෙක් අනාවරණ වී නොමැති අතර ඒ සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන ක්‍රියාත්මකයි.

    Latest News