අමෙරිකාව පැරිස් සම්මුතියෙන් ඉවතට

නොවැ 05, 2019

    පැරිස් සම්මුතියෙන් ඉවත්වීම පිළිබඳ අමෙරිකා එක්සත් ජනපදය, එක්සත් ජාතීන්ගේ සංවිධානයට නිල වශයෙන් දැනුම්දී තිබේ.

    ඒ අනූව, 2020 ජනාධිපතිවරණයෙන් පසුව අමෙරිකාව මෙම සම්මුතියෙන් ඉවත්වනු ඇති.

    ගෝලීය උෂ්ණත්වය ඉහළ යෑම වැළැක්වීම සඳහා රටවල් 188ක සහභාගීත්වයෙන් 2015 වසරේ පැරිස් සම්මුතිය අත්සන් තැබිය. කාර්මික විප්ලවයට පෙර තිබූ තත්වයට වඩා ගෝලීය උණුසුම ඉහළ යෑම සෙල්සියස් අංශක 1.5කට සීමා කිරීම සඳහා ක්‍රියාත්මක වීම මෙමගින් සිදු කෙරිණ. අමෙරිකාවේ තීරණය පැරිස් සම්මුතියට විශාල බලපෑමක් එල්ල කරනු ඇති බවයි, විද්වතුන් පවසන්නේ.

    එමගින් බොහෝ රටවල් පැරිස් සම්මුතියෙන් ඉවත්වීමේ අවදානමක් ඇතිවනු ඇති බවයි, විද්වතුන් වැඩිදුරටත් සඳහන් කරන්නේ. ගෝලීය උණුසුම ඉහළයාම මේ වන විට දැඩි අර්බුදයක් බවට පත්ව ඇති අතර, ඒ හේතුවෙන් ලොව සියලු දෙනාටම පාහේ අනාගතයේ ඇතිවිය හැකි බලපෑම අතිමහත්.

    Last modified on අඟහරුවාදා, 05 නොවැම්බර් 2019 08:17

    Latest News