හූති කැරලිකරුවන්ගේ රේඩාර් මධ්‍යස්ථානයට මොකද වුනේ ?

ජන 14, 2024

    ‍අමෙරිකානු හමුදාව එල්ල කළ නව ප්‍රහාරය සඳහා දැඩි ප්‍රතිචාරයක් දක්වන බවට, හූති කැරලිකරුවන් ප්‍රතිඥා දී තිබෙනවා.

    විදෙස් මාධ්‍ය  සඳහන් කරන්නේ, අමෙරිකානු ජනාධිපති ජෝ බයිඩන්, හූති කැරලිකරුවන්ගේ ප්‍රහාර සම්බන්ධයෙන් ඉරානය වෙත පෞද්ගලික පණිවුඩයක් යැවීමට  ක්‍රියාකර ඇති බවයි.

    යේමනයේ හූති කැරලිකරුවන්ට අයත් ‍රේඩාර් මධ්‍යස්ථානයක් ඉලක්ක කර, අමෙරිකානු හමුදාව ඊයේ නව ප්‍රහාරයක් එල්ල කළා. එම ප්‍රහාරයෙන් තමන්ට බරපතල හානියක් සිදු නොවූ බව සඳහන් කරමින්, හූති ප්‍රකාශකයෙකු විදෙස් මාධ්‍ය වෙත කියා සිටියේ, අමෙරිකානු හමුදාව එල්ල කළ නව ප්‍රහාරයට, ස්ථිර ශක්තිමත් සහ ඵලදායි ප්‍රතිචාරයක් දක්වන බවයි.

    අමෙරිකානු සහ බ්‍රිතාන්‍ය ප්‍රහාරවලින්, ඊශ්‍රායලයට අනුබද්ධ නාවික යාත්‍රා රතු මුහුද සහ අරාබි මුහුද හරහා ගමන් කිරීම වැළැක්වීම සඳහා සිය කණ්ඩායමට ඇති හැකියාව කෙරෙහි සැලකිය යුතු බලපෑමක් කිරීමට නොහැකි බවද ඔහු ප්‍රකාශ කර තිබෙනවා.

    ඊශ්‍රායල හමුදාව ගාසා තීරයට ප්‍රහාර එල්ල කිරීම සහ වටලෑම් හමුවේ පලස්තීනුවන්ට සහය දැක්වීමේ අරමුණෙන් සිය සමුද්‍ර මෙහෙයුම් ක්‍රියාත්මක කරන බව, හූති කැරලිකරුවන් පවසනවා.       

    Last modified on ඉරිදා, 14 ජනවාරි 2024 16:03

    Latest News