'මුහුදු තෘණ ආරක්ෂණ දිනය' පිළිබඳ යෝජනාව සම්මත වෙයි

මැයි 26, 2022

    ශ්‍රී ලංකාවේ අනුග්‍රහය යටතේ එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයට ඉදිරිපත් කරන ලද මුහුදු තෘණ ආරක්ෂණ දිනය පිළිබඳ යෝජනාව සම්මත වී තිබේ. ඒ අනූව, සෑම වසරකම මාර්තු පළමුවැනිදා ලෝක මුහුදු තෘණ දිනය ලෙස නම් කෙරෙනු ඇති.

    මුහුදු තෘණවල වැදගත්කම සහ ඉන් සැපයෙන පුළුල් පාරිසරික වැදගත්කම පිළිබඳව අදාළ යෝජනාවෙන් ඉදිරිපත් කර තිබේ. අදාළ යෝජනාව මහා මණ්ඩලයට පසුගියදා ඉදිරිපත් කරනු ලැබුවේ, එක්සත් ජාතීන්ගේ ශ්‍රී ලංකා නිත්‍ය නියෝජිත මොහොන් පීරිස් මහතා විසින්.

    ශ්‍රී ලංකාව සමග රටවල් 24ක් ඊට සම අනුග්‍රහය දැක්වීය. ඒ අනූව, අදාළ යෝජනාව එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ දී ඒකමතිකව සම්මත වී තිබේ.

    Last modified on බ්‍රහස්පතින්දා, 26 මැයි 2022 12:01

    Latest News