6Gවලට පළමු පිම්ම චීනයෙන්

අගෝ 22, 2019

    6G තාක්ෂණය පිළිබඳව චීනයේ ප්‍රධානතම දුරකථන නිෂ්පාදන සමාගමක් පර්යේෂණ ආරම්භ කර තිබේ.

    ලොව බොහෝ සමාගම් ෆයිව් ජී තාක්ෂණය සාමාන්‍ය භාවිතයට ගැනීම පිළිබඳව අත්හදා බැලීම සිදු කරන අවස්ථාවක "සික්ස් ජී" තාක්ෂණය සම්බන්ධයෙන් පර්යේෂණ සිදු කිරීම විශේෂත්වයක්. කැනඩාවේ ඔටවාවල පිහිටි හුවාවි පර්යේෂණ සහ සංවර්ධන මධ්‍යස්ථානය තුළයි, මෙම පර්යේෂණ හා සංවර්ධන මධ්‍යස්ථානය තුළයි. මෙම පර්යේෂණ සිදු කරන්නේ. ඊට විශ්වවිද්‍යාල 13ක් හා ආයතන ගණනාවක සහාය ලබාගැනීමට ලොව ප්‍රකට හුවාවි සමාගම තීරණය කර ඇති බව, විදෙස් මාධ්‍ය සඳහන් කරන්නේ.

    ෆයිව් ජී තාක්ෂණය පිළිබඳව මූලික පර්යේෂණ ආරම්භ කිරීමට එම සමාගම කටයුතු කර තිබෙන්නේ, 2009 වර්ෂයේදී. ලොව හොඳම ෆයිව් ජී තාක්ෂණික මෙවලම් නිෂ්පාදනය කරන්නා බවට පත්වීමට චීන හුවාවි සමාගම සමත්වී ඇති බව, විදෙස් විශ්ලේෂකයන් සඳහන් කරයි.

    Last modified on බ්‍රහස්පතින්දා, 22 අගෝස්තු 2019 12:09

    Latest News