ගූගල්හි කෘතිම බුද්ධි ආචාර ධර්ම නිර්මාතෘ මාග්‍රට් මිචෙල් සේවයෙන් නෙරපයි

පෙබ 21, 2021

    සමාගමේ චර්යාධර්ම පද්ධතිය උල්ලංඝනය කළ බව පවසමින් ගූගල් සිය කෘතිම බුද්ධි ආචාර ධර්ම ඒකකයේ නිර්මාතෘ සහ සම ප්‍රධානියා සේවයෙන් පහ කර තිබේ.

    නිවේදනයක් නිකුත් කරමින් ගූගල් සමාගම කියා සිටියේ මාග්‍රට් මිචෙල් සමාගමෙන් පිටත ලිපිගොනු ගෙන ගොස් ඇති බවයි.

    තවත් ජ්‍යෙෂ්ඨ චරිතයක් වන ටිම්නිට් ගෙබ්රුගේ නික්ම යාමෙන් පසු දෙසැම්බර් මාසයේ සිට ආචාර ධර්ම ඒකකය පරීක්ෂාවට ලක් කර තිබේ.

    මෙම කාන්තාවන් දෙදෙනාම ගූගල් හි වැඩි විවිධත්වයක් සඳහා අවශ්‍යතාවයන් මතු කර ඇති අතර සමාගම තුළ වාරණය පිළිබඳව මීට පෙර කනස්සල්ල පළ කර තිබිණ. “මාව සේවයෙන් පහ කර ඇත” යනුවෙන් සඳහන් කරමින් ආචාර්ය මිචෙල් ට්විටර් පණිවුඩයක් නිකුත් කර තිබේ.

    MMitchell.jpg

    පසුගිය සති පහක කාලය තුළ ඇයගේ ඊමේල් සහ දින දර්ශන ඇතුළුව ගූගල් පද්ධති වලින් ඇයව අගුළු දමා තිබුණි. ආචාර්ය මිචෙල් ගූගල් හි දැඩි විවේචකයෙකු වූ අතර ආචාර්ය ගෙබ්රු සමාගමෙන් ඉවත් වීම ගැන කනස්සල්ල පළ කර තිබුණි.

    Latest News