දුක බෙදාගන්න ට්‍රම්ප් ටෙක්ස්සාස් නුවරට

අගෝ 08, 2019

    අමෙරිකා එක්සත් ජනපදයේ සමූහ වෙඩි තැබීම සිදුවූ ප්‍රාන්තයන්හි සංචාරයක නිරතවීමට ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් කටයුතු කර තිබේ.

    ඒ අනූව, ඔහු ටෙක්ස්සාස්හි එල් පාසෝ නගරය වෙත පැමිණියේය.පසුගියදා එහි වෝල්මාට් සාප්පු සංකීර්ණ සිදවූ වෙඩි තැබීමකින්, විසි දෙනෙකු මිය ගියේය. හදිසි තත්වය මත කටයුතු කළ සේවකයන්ගේ සුවදුක් විමසීම සඳහායි ජනාධිපතිවරයා මෙසේ එහි පැමිණියේ. ඊට පෙර ජනාධිපතිවරයා ඔහායෝ ප්‍රාන්තයේ ඩෙයිටෝන් නගරය වෙත පැමිණියේය.

    එහි සිදුවූ වෙඩි තැබීමෙන් මියගිය පුද්ගලයන් සංඛ්‍යාව 9 දෙනෙක්. ඒ අනූව පුද්ගලයන් 31 දෙනෙකුට මරු කැඳවූ මෙම ප්‍රහාරයන් ද්විත්වයම සුදු ජාතිකත්වය මුසුවූ වෛරී ප්‍රහාර බව, මේ වන විට අනාවරණය වී තිබේ.

    Last modified on බ්‍රහස්පතින්දා, 08 අගෝස්තු 2019 12:33

    Latest News