සුෂ්මා ස්වරාජ් අභාවප්‍රාප්ත වෙයි

අගෝ 07, 2019

    ඉන්දීය හිටපු විදේශ කටයුතු අමාත්‍ය සහ ඉන්දීය භාරතීය ජනතා පක්‍ෂයේ ජ්‍යෙෂ්ඨ නායිකා සුෂ්මා ස්වරාජ් අභාවප‍්‍රාප්ත වී තිබේ.

     හෘද්‍යාබාධයකින් නවදිල්ලි නුවර පිහිටි රෝහලකදී ඇය අභාවප‍්‍රාප්ත වූ බවයි ඉන්දීය මාධ්‍ය සඳහන් කළේ. මියයන විට ඇගේ වයස අවුරුදු 67 ක්.

    අවස්ථා කිහිපයකදී ශී‍්‍ර ලංකාවේ සංචාරයේ නිරත වූ සුෂ්මා ස්වරාජ් ඉන්දීය දේශපාලන ඉතිහාසයේ කැපී පෙනෙන චරිතයක් ලෙසයි සැලකෙන්නේ. ඇගේ අභාවය වෙනුවෙන් ඉන්දීය අග‍්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිද සිය ට්විටර් ගිණුම හරහා ශෝකය පළ කර තිබේ.

    Last modified on බදාදා, 07 අගෝස්තු 2019 08:07

    Latest News