අමෙරිකා‍ව පැනවූ ආර්ථික සම්බාධකයන්ට වෙනිසියුලාවේ ‍දැවැන්ත විරෝධ‍තා

අගෝ 09, 2019

    අමෙරිකාව වෙනිසියුලාවට සමස්ත ආර්ථික ගනුදෙනු තහනම් ප්‍රතිපත්තිය පැනවීම පිළිබඳව වෙනිසියුලා ජනතාව හා හමුදා භටයෝ දස දහස් ගණනක් විරෝධය පළ කරති.

    පසුගිය 5 වනදා අමෙරිකා ජනාධිපතිවරයා එම පරිපාලන නියෝගයට අත්සන් තබා ඇත.

    ඒ අනුව අමෙරිකාවේ වෙනිසියුලා රජයට අයත් සියළු වත්කම් අමෙරිකා රජය අත්හිටුවන අතර කිසිදු ආයතනයක් හෝ පුද්ගලයෙක් වෙනිසියුලා රජයට පරිත්‍යාග, මුදල්, භාණ්ඩ හෝ සේවය ඇතුළු සහය ලබා දීම තහනම් කර තිබේ.

    එම සම්බාධකය වෙනිසියුලා රජය දැඩි ලෙස හෙළා දකී.

    එමෙන්ම ඊට විරුද්ධත්වය පළ කරමින් වෙනිසියුලා ජාතිකයින් හා හමුදා භටයින් දැවැන්ත පෙළපාලි පැවැත්වූහ.

    චීනය, රුසියාව, කියුබාව හා අදාළ ජාත්‍යන්තර සංවිධාන අමෙරිකාව ප්‍රචණ්ඩ ලෙස වෙනිසියුලා අභ්‍යන්තර කටයුතු වලට මැදිහත් වීම සම්බන්ධයෙන් දැඩි ලෙස ‍විරෝධය පළ කර තිබේ.

    Latest News