බොකෝ හරාම් වෙඩි තැබීමකින් නයිජීරියාවේ 65ක් මරුට

ජූලි 29, 2019

    නයිජීරියාවේ අවමංගල උත්සවයක දී බොකෝ හරාම් සටන්කාමීන් සිදුකළ වෙඩි තැබීමකින් පුද්ගලයින් 65 දෙනෙකු මියගොස් තිබේ.

    නයිජීරියාවේ ඊසානදිග බෝර්නෝ ප්‍රාන්තයේ අදාළ වෙඩි තැබීම සිදුවිය. වෙඩි තැබීම සිදුකළ තුවක්කුකරුවන් ඉකුත් සෙනසුරාදා යතුරු පැදිවලින් සහ වෑන් රථවලින් ප්‍රාන්තයේ මයිදුගුරි අගනුවර වෙත පැමිණි බව ඇසින් දුටු සාක්ෂිකරුවන් පවසයි. අවමංගල්‍යයට සහභාගිව සිටි බොහෝ පිරිසක් තුවක්කුකරුවන්ගේ ඉලක්කය බවට පත්වූ අතර, තුවක්කුකරුවන් පළවා හැරීමට උත්සහ දැරූ පුද්ගලයින් ද වෙඩි පහරින් මියගොස් තිබේ.

    මේ කලාපය තුළ ඉස්ලාමීය ප්‍රහාර දිනෙන් දින ඉහළ යමින් පවතියි. පසුගිය දශකය තුළ ගැටුම් හේතුවෙන් සිවිල් වැසියන් දහස් ගණනක් මියගොස් ඇති අතර, මිලියන දෙකකට අධික පිරිසක් අවතැන්ව සිටින බවයි විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කරන්නේ.

     

     

    Last modified on සදුදා, 29 ජූලි 2019 10:28

    Latest News