එට්නා සක්‍රීය වී සුන්දර දසුන්

ජූලි 29, 2019

    එට්නා ගිනි කන්දේ පිපිරීම් පසුගියදා දර්ශනීය ආකාරයට දිස්විය. ගිනි කන්දේ ගිනිකොණ ආවාටයේ බෑවුමෙන් ලාවා ගලා එන වීඩියෝ පටයක් මාධ්‍ය වෙත නිකුත් කර තිබේ.

    එට්නා ගිනිකන්ද සැලකෙන්නේ යුරෝපයේ උසම ගිනිකන්ද ලෙසයි. මෙය, විදේශීය සංචාරකයින්ගේ හා දේශීය සංචාරකයින්ගේ දැඩි ආකර්ශනය දිනාගන්නා ස්ථානයක්. ගිනිකන්ද දැකබලා ගැනීමට බොහෝ පිරිසක් මධ්‍යධරණී මුහුදේ සිසිලි දුපත වෙත පැමිණීම ශිඝ්‍රයෙන් ඉහළ ගොස් තිබේ.

    කෙසේ වෙතත් පැමිණෙන සංචාරකයින් සෙල්ෆි ජායාරූප ගැනීම හේතුවෙන් ඔවුන්ගේ ආරක්ෂාව උදෙසා ඉතාලියේ ගාර්ඩියා පොලිස් නිලධාරීන් දැඩි විමසිල්ලෙන් පසුවෙයි. මීටර් 3,300 උස ගිනි කන්ද සක්‍රීය තත්වයේ පැවතියත්, එය හානි සිදු කරන්නේ කලාතුරකින්. නමුත්, වසර 1992 දී එහි අවසන් මහා පිපිරීම සිදුවිය.

    Last modified on සදුදා, 29 ජූලි 2019 10:50

    Latest News