අමෙරිකාව - චීන වෙළඳ සාකච්ජාවකට සැරසෙයි

ජූලි 25, 2019

    අමෙරිකාව හා චීන වෙළෙඳ සාකච්ජා ලබන සතියේ දී ආරම්භ වෙයි. වසරකට වැඩි කාලයක් මුළුල්ලේ පවතින වෙළෙඳ අර්බුදය නිමා කිරීම මෙහි අරමුණයි.

    අමෙරිකා එක්සත් ජනපදයේ භාණ්ඩාගාර ලේකම් ස්ටීවන් මනුවින් ප්‍රකාශ කළේ ලබන අගහරුවාදා සහ බදාදා පළමු සාකච්ජා වටය පැවැත්වෙන බවයි. ඒ චිනයේ, ෂැංහායි නුවරදී. දෙරටේ නිලධාරීන් මුහුණට මුහුණ හමුවන්නේ පසුගිය මැයි මාසයෙන් පසුවයි.

    චීනය සිය පෙරොන්දු කඩ කරන බවට අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මැයි මාසයේ දී චෝදනා කරයි. එම චෝදනා නිසා දෙපාර්ශවය අතර සාකච්ජා බිඳ වැටිණ. අමෙරිකා එක්සත් ජනපද භාණ්ඩාගාර ලේකම් ස්ටිවන් මනුචින් සහ එහි වෙළඳ නියෝජිත රොබට් ලයිටයිසර් චීනයට යන අමෙරිකානු නියෝජිත පිරිසට නායකත්වය දෙනු ඇති බවයි, වාර්තා වන්නේ.

    මෙම සාකච්ජා පිළිබඳව දෙරටේ ඉහළ පෙළේ නිලධාරීන් අතර පසුගිය සතියේ දී දුරකථන මාර්ගයෙන් ද දෙවරක් සාකච්ජා කොට ඇති බව විදෙස් වාර්තා සඳහන් කරයි.

    Last modified on බ්‍රහස්පතින්දා, 25 ජූලි 2019 10:05

    Latest News