තෙරේසාගේ සමුගැන්මත් සමග නව අගමැති වැඩ අරඹයි

ජූලි 24, 2019

    බ්‍රිතාන්‍යයේ නව අගමැති බොරිස් ජෝන්සන් අද එම ධුරයේ වැඩ බාර ගැනීමට නියමිත වෙයි. ඊයේ පැවති ඡන්ද විමසීමේ දී කොන්සර්වේටිව් පක්ෂයේ නායකත්වයට ඔහු පත්වූයේ වැඩි ඡන්දයෙන්.

    බොරිස් ජොන්සන් මේ සඳහා පත්වූයේ ඒ සඳහා තරග කළ විදේශ ලේකම් ජෙරමි හන්ට් පරාජය කරමින්. මේ අතර ධුරයෙන් ඉවත් වන අගමැතිනි තෙරේසා මේ, ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් නව පක්ෂ නායකයාට සුබ පැතීය. අප සියලුදෙනා දැන් එකමුතුව මළු බ්‍රිතාන්‍යයට යහපත් වන ආකාරයට බ්‍රෙක්සිට් සාර්ථක කර ගැනීමට කටයුතු කළ යුතුයි. එමගින් ජෙරමි කෝබින්, ආණ්ඩුවෙන් ඈත්කර තැබීමට හැකිවෙයි. යනුවෙන් තෙරේසා මේගේ පණිවුඩයේ සඳහන්ව තිබුණි. බොරිස් ජොන්සන් සම්මුතියකින් තොරව යුරෝපා සංගමයේන ඉවත්වීමට සහයෝගය දැක්විය රටට අහිතකර බව විපක්ෂ නායක ජෙරමි කෝබින් පවසයි. මහ ඡන්දයකින් රටේ අගමැතිවරයා වන්නේ කවුද යන්න ජනතාව තීරණය කළ යුතු බවයි, ඔහු සඳහන් කරන්නේ. පැවති කන්සර්වේටිව් පක්ෂ නායකත්ව තරගයේ දී බොරිස් ජෝන්සන් ඡන්ද 92,153ක් ලැබීය. ජෙරමි හන්ට් ලැබූ ඡන්ද සංඛ්‍යාව 46,656ක්.

    Last modified on බදාදා, 24 ජූලි 2019 08:18

    Latest News