තෙරේසාමේට එරෙහිව විශ්වාසභංගයක්

නොවැ 16, 2018

    බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය තෙරේසා මේ ට එරෙහිව විශ්වාසභංග යෝජනාවක් ගෙන ඒමට කන්සවේටිව් පක්ෂය සූදානම්ව තිබේ.


    ඇය නියෝජනය කරන කන්සවේටිව් පක්ෂයේ බ්‍රේක්සිට් ක්‍රියාවලියට පක්ෂපාතී මන්ත්‍රීවරුන් 50දෙනෙක් පමණ ඒ සඳහා අවශ්‍ය ලිපි යොමු කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.

    බ්‍රිතාන්‍ය යුරෝපා සංගමයෙන් ඉවත්වීමේ ක්‍රියාවලිය හෙවත් බ්‍රෙක්සිට් ක්‍රියාවලියේ ප්‍රධාන නිලතල හෙබවූ කිහිපදෙනෙකු ඉවත්වීමත් සමග මෙම තත්ත්වය උද්ගතවී තිබේ.

    ඒ අනුව මේ වනවිටත් බ්‍රෙක්සිට් ක්‍රියාවලියට අදාළව ලේකම් ධූරය දැරූ ඩොමිනික් රාබ් සහ බ්‍රිතාන්‍ය කම්කරු හා විශ්‍රාම වැටුප් අමාත්‍ය එස්දර් මැක්වී ඇතුළු අමාත්‍යවරුන් 04 දෙනෙකු සිය ධූරවලින් ඉල්ලා අස්වී ඇත.

    Last modified on සිකුරාදා, 16 නොවැම්බර් 2018 16:35

    Latest News