CNN මාධ්‍යවේදියාට මන්දිරය යළි විවරයි

නොවැ 17, 2018

    ධවල මන්දිර වාර්තාකරණය තහනම් කළ සී.එන්.එන්.මාධ්‍යවේදියාට නැවතත් ධවල මන්දිරයට පිවිසීමේ අවසර හිමිව තිබේ.

    පසුගිය දිනක අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ සී එන් එන් මාධ්‍යවේ දී ජිම් ඇකොස්ටා අතර ඇති වූ සංවාදය, ලොවපුරා කාගේත් දැඩි අවධානයට ලක් විය. එහි දී ජනාධිපතිවරයා සමඟ දිගින් දිගටම සංවාදයේ යෙදුණු සී එන් එන් මාධ්‍යවේදියාට ධවල මන්දිරය තහනම් කරන ලෙස, ඩොනල්ඩ් ට්‍රම්ප් නියෝග කළේය.

    කෙසේ වෙතත්, මාධ්‍යවේදියාගේ බලපත්‍ර අවලංගු කිරීම නීති විරෝධී බවට අධිකරණය ලබා දුන් තීන්දුවක් මත ඔහුට යළිත් ධවල මන්දිර දොරටු විවර වී තිබේ. ඒ සඳහා ඩොනල්ඩ් ට්‍රම්ප් ජනාධිපතිවරයාගේ ද අනුමැතිය ලැබී ඇති අතර, ධවල මන්දිර ප්‍රකාශිකා සේරා හකබි ප්‍රකාශ කළේ, එම අධිකරණ තීරණයට සියලුම ධවල මන්දිර නියෝජිතයන්ගේ අනුමැතිය ද හිමි වූ බවයි.

    Last modified on සෙනසුරාදා, 17 නොවැම්බර් 2018 11:38

    Latest News