හිමෙන් වැසුණු අමෙරිකාව

නොවැ 16, 2018

    අමෙරිකාවේ නැගෙනහිර ප්‍රදේශවලට ශීත සෘතුවේ පළමු හිමපතනය වාර්තා වී තිබේ. සෙන්ට්‍රල් පාක් හා ටයිම්ස් චතුරඝ්‍රය ආශ්‍රිත ප්‍රදේශවලට ද හිමපතනය සිදුව තිබේ.

    අමෙරිකානු කාලගුණ බලධාරීන් අනාවැකි පළ කරන්නේ, ඔහිඕ මිටියාවතේ සිට මධ්‍ය අත්ලාන්තික් ප්‍රදේශය දක්වා හිමපතනය සිදුවනු ඇති බවයි.

    සෙන්ටිමීටර 30ක් දක්වා හිම පතනයක් වාර්තා වනු ඇති බවට ද ඔවුන් අනාවැකි පළ කරයි. හිමපතනයෙන් අයහපත්ම බලපෑමක් එල්ල වීමට නියමිතව ඇත්තේ,බටහිර නිව්යෝර්ක් ප්‍රදේශයටයි. නිව්යෝර්ක් නගරය ආශ්‍රිතව අගල් එකේ සිට තුන දක්වා හිමපතනයක් වාර්තා වනු ඇති බවට ද අනාවැකි පළකර තිබේ.

    ඉකුත් වසරවල ශීත සෘතුවලට සාාපෙක්ෂව මෙවර ශීත සෘතුව තුළ අධික හිම පතනයක් නිව්යෝර්ක් ප්‍රදේශයේ සිදු වනු ඇති බවටයි, කාලගුණ අංශ අනාවැකි පළ කරන්නේ.

    Last modified on සිකුරාදා, 16 නොවැම්බර් 2018 14:13

    Latest News