විකට නළු වොලර්ඩෙමි ජනපතිවරණයේ ඉදිරියෙන්...

ජූලි 22, 2019

    යුක්‍රේන පාර්ලිමේන්තු මැතිවරණයෙන් ජනාධිපති වොලර්ඩෙමි සෙලෙන්ස්කිගේ පක්ෂය ඉදිරියේන සිටින බව, මෙතෙක් නිකුත් වූ ඡන්ද ප්‍රතිඵල පෙන්වා දෙයි. විකට නළුවෙකු ලෙස පසුගිය අප්‍රේල් මාසයේ පැවති ජනාධිපතිවරණයට ඩොලර්ඩෙමි සෙලෙන්ස්කි ඉදිරිපත් විය.

    එහිදී අති විශිෂ්ඨ ජයක් ලබාගැනීමට සමත්වූ ඔහු, කාගේත් අවධානයට ලක්විය. මේ වන විට ඔහුගේ ජනතා සේවක පක්ෂය නිකුත්වී ඇති ඡන්ද ප්‍රතිඵලවලට අනූව 44.2%ක ප්‍රමාණයක් හිමි කරගෙන තිබේ. යුක්‍රේන පාර්ලිමේන්තුවේ ආසන සංඛ්‍යාව 424ක්. ඉන් ආසන 225ක් පක්ෂ නාම යෝජනා අනූව තේරී පත්වන අතර, අනෙක් 199 දෙනා ඡන්දය මගින් තෝරා පත්කරගනු ලබයි.

    කෙසේ වෙතත් හෝලෝස් පක්ෂය සමඟ සන්ධානගතව ඉදිරි කටයුතු සිදු කිරීමට සාකච්ජා පවත්වන බව, ජනාධිපති වොලර්ඩෙමි සෙලෙන්ස්කි පවසයි. සමස්ත ඡන්ද ප්‍රතිඵලය ඉදිරියේ දී නිකුත්වීමට නියමිතයි.

    Last modified on සදුදා, 22 ජූලි 2019 09:28

    Latest News