ප්‍රතිප්‍රහාර ඕනෑනම් සූදානම්... ඊශ්‍රායලය

ජූලි 10, 2019

    තම යුද ගුවන් යානාවලට ඉරානය ඇතුළු මැද පෙරදිග කලාපයේ ඕනෑම රටකට පහරදිය හැකි බව, ඊශ්‍රායලය පවසයි. ඕනෑම අවස්ථාවක දී ප්‍රහාරයකට ප්‍රති ප්‍රහාර එල්ල කිරීමට තම හමුදාවන් සූදානම් බවයි, ඔවුන් පවසන්නේ.

    ඊශ්‍රායලයේ ගුවන් හමුදා කඳවුරක චාරිකාවකට එක්වෙමින් අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙතන්යාහු මේ බව කියා සිටියේය. එහි දී අමෙරිකාවේ නිෂ්පාදිත එෆ්.35 යුද ගුවන් යානා ඔවුන්ගේ නිරීක්ෂණයට ලක්විය. ඉරාන න්‍යෂ්ටික සම්මුතියෙන් ඉවත්වීමට අමෙරිකාව ගත් තීරණය මුල්කර ගනිමින් මැද පෙරදිග කලාපයේ උණුසුම් තත්වයක් වර්ධනය වෙමින් පවතින බවයි, විදෙස් ප්‍රවෘත්ති සේවා පවසන්නේ.

    අමෙරිකාව යම් හෙයකින් තම රටට ප්‍රහාරයක් එල්ල කළහොත්, වොෂිංටනයට හිතවත් ඊශ්‍රායලය පැයක් ඇතුළත විනාශ කරන බව, ඉරාන මන්ත්‍රීවරයෙකු ඉකුත් සතියේ ප්‍රකාශ කළේය.

    Last modified on බදාදා, 10 ජූලි 2019 17:11

    Latest News