බ්‍රිතාන්‍ය නෞකාවලට අනතුරු ඇඟවීමක්

ජූලි 12, 2019

    ගල්ෆ් මුහුදු සීමාවේ යාත්‍රා කරන බිතාන්‍ය නෞකාවලට එරට රජය අනතුරු ඇගවීමක් සිදුකර තිබේ.

    ඉතාම අවදානම් මට්ටම ලෙස එම අනතුරු ඇඟවීම නිකුත් කර ඇත. මෙම අනතුරු ඇඟවීම සිදුකර ඇත්තේ ඉරාන බෝට්ටු කිහිපයක් විසින් බ්‍රිතාන්‍ය තෙල් නෞකාවකට බාධා කිරීමට උත්සාහ කිරීමත් සමඟයි. වාර්තාවන ආකාරයට මෙම බෝට්ටු ඉවත් වී ඇත්තේ බ්‍රිතාන්‍ය නාවික හමුදා ප්‍රහාරක යාත්‍රාවල මැදිහත්වීමෙනි. නමුත් ඉරානය, බ්‍රිතාන්‍යයේ මෙම චෝදනා ප්‍රතික්ෂේප කරයි. ඔවුන් සඳහන් කරන්නේ කිසිවිටෙකත් බිතාන්‍ය තෙල් නෞකා අල්ලා ගැනීමට උත්සාහ නොකළ බවයි. කෙසේ වෙතත් මෙම අනතුරු ඇඟවීමත් සමඟ බිතාන්‍ය නෞකාවලට ඉරාන මුහුදු සීමාවට ඇතුළු නොවන ලෙස එරට රජය අවධාරණය කර ඇත.

    Latest News