ලෝක උරුමයක් වූ රෝස නගරය

ජූලි 08, 2019

    ඉන්දියාවේ රාජස්ථාන් ප්‍රාන්තයේ පිහිටි ජායිපූර් නගරය යුනෙස්කෝ ලෝක උරුම නගරයක් ලෙස ප්‍රකාශයට පත්කර තිබේ.

    මෙම නගරය රෝස නගරය යනුවෙන් ද හැඳින්වේ. මෙය ඉන්දියාවේ ලෝක උරුම ලැයිස්තුවට එක්වූ දෙවැනි නගරයයි. මේ බව නිවේදනය කරනු ලැබුවේ, පසුගිය සෙනසුරාදා පැවති 43වැනි යුනෙස්කෝ ලෝක උරුම කමිටු රැස්වීමේදී.

    එය පැවතියේ අසර්බායිජානයේ බකූ අගනුවරයි. යුනෙස්කෝව මේ පිළිබඳ නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේ, ජායිපූර් නගරයේ, නගර සැලසුම් පුරාණ හින්දු සහ වර්තමාන මෝගල්වරු මෙන්ම, බටහිර සංස්කෘතිය අතර අදහස් හුවමාරු කර ගැනීම මනාව පෙන්නුම් කරන බවයි.

    Last modified on සදුදා, 08 ජූලි 2019 10:52

    Latest News