කර්ස්ගේ චාන්සලර් පුටුව අහිමිවෙයි

මැයි 28, 2019

    ඔස්ට්‍රියානු චාන්සලර් සෙබස්ටියන් කර්ස් බලයෙන් පහකර තිබේ. ඒ එරට පාර්ලිමේන්තුව විසින්.

    විශේෂ පාර්ලිමේන්තු සැසියන් පවත්වමින් ඔහුට එරෙහිව විශ්වාසභංගයක් ගෙන ඒමෙන් පසුවයි බලයෙන් පහකර ඇත්තේ. පසුගියදා හිටපු ඔස්ට්‍රියානු උප චාන්සලර්වරිය, සම්බන්ධයෙන් නිකුත් වූ වීඩියෝ පටයකට අදාළව චාන්සලර්වරයාගේ ක්‍රියා කලාපය පිළිබඳව පැහැදීමක් නොමැතිවීම මීට හේතුවයි. එම වීඩියෝවේ දැක්වෙන්නේ, එවකට උප චාන්සලර් හේන්ස් ක්‍රිස්ටියන් ස්ටාවේ රුසියානු කාන්තාවක් සමග සාකච්ජාවක නිරතවන ආකාරයයි. එහිදී ඇයට ඔස්ට්‍රියානු පුවත්පත් ආයතනයක් මිලදී ගැනීම සඳහා ඔහුගේ සහාය ලබාදෙන බවට සඳහන් කරයි. වීඩියෝ පටය නිකුත්වීමත් සමග ඔහු සිය තනතුරෙන් ඉල්ලා අස්විය. පසුගියදා පැවති යුරෝපා පාර්ලිමේන්තු මැතිවරණයෙන් ඔස්ට්‍රියානු චාන්සලර්වරයාගේ පක්ෂය ඉදිරියෙන් සිටිය ද ඔහුගේ තනතුර රැකදීමට එය ප්‍රමාණවත් වූයේ නැත. ඔස්ට්‍රියානු ජනාධිපතිවරයා විසින් උප චාන්සලර් හාට්විග් ලෝගර් එරට අන්තර්වාර පාලකයා ලෙස පත්කර තිබේ.

    Last modified on අඟහරුවාදා, 28 මැයි 2019 08:27

    Latest News