පැය 2ක මැරතන් වාර්තාව කෙන්යානු එළියද් තත්පර 20ක් අඩුවෙන් අවසන් කරයි

ඔක් 12, 2019

    මැරතන් ලෝක වාර්තාව අභිබවා යාමට කෙන්යානු ක්‍රීඩකයෙක් එළියද් කිප්චුගේ අද (12) සමත්විය.

    ඔහු  ඔස්ට්‍රියාවේ වියානා නුවර පැවති සැතපුම් 26 කින් යුත් මැරතන් තරගය පැය 01යි මිනිත්තු 59යි තත්පර 40කින් අවසන් කර තිබේ. මෙය මැරතන් ලෝක වාර්තාව වු පැය දෙකයි මිනිත්තු 01යි තත්පර 39ක් වූ කාලය අභිබවා යාම සහ පැය දෙකකට අඩුවෙන් මැරතන් තරගයක් අවසන් කළ පළමු ක්‍රීඩකයා වශයෙන් ද විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කර සිටී.

    නමුත් එය විවෘත තරගාවලියක් නොවූ හෙයින් කිප්චුගේ මෙම කාලය මැරතන් ලෝක වාර්තාවක් ලෙස නොසැලකේ.

    Last modified on සෙනසුරාදා, 12 ඔක්තෝබර් 2019 18:49

    Latest News