ගංගා රැසක ප්‍රතිජීවක මට්ටම අවදානම්

මැයි 27, 2019

    ලෝකයේ ගංගා රැසක් ප්‍රතිජීවක මට්ටම අවදානම් සහගත ලෙස ඉහළ ගොස් ඇති බවට ඉහළ ගොස් ඇති බවට වාර්තාවක් පෙන්වා දෙයි.

    මෙය ඉතා අනතුරුදායක බවයි, විද්‍යාඥයින් පෙන්වා දෙයි. රටවල් 72ක ගංගා සිය ගණනක් ආශ්‍රයෙන් මෙම පරීක්ෂණ සිදුකර තිබේ. ඉහත කරුණු සම්බන්ධයෙන් ලොව සිදු කරන ලද විශාලතම පරීක්ෂණය ද මෙයයි. විද්‍යාඥයින් පවසන්නේ, ජලයේ ප්‍රතිජීවක මට්ටම ඉහළ යාම හේතුවෙන්, ප්‍රතිජීවකවලට ඔරොත්තු දෙන බැක්ටීරියා වර්ග නිපදවීම ඉහළ යන බවයි. ඒ හේතුවෙන්, ප්‍රතිජීවකවලින් මිනිසාට රෝග සුවවීමේ හැකියාව දුර්වල වන බව සඳහන්.

    තත්වය තවදුරටත් පැවතියහොත් ගෝලීය සෞඛ්‍ය අවදානමක් ඇති විය හැකි බවට, විද්‍යාඥයින් අනතුරු අඟවයි. ප්‍රතිජීවකවලට ඔරොත්තු දෙන බැක්ටීරියා ඉහළ යාම හේතුවෙන් වසර 2050 වන විට ලොවපුරා මිනිසුන් කෝටියක් මියයාමේ හැකියාව ඇතැයි, එක්සත් ජාතීන්ගේ සංවිධානය අනතුරු අඟවයි.

     

    Last modified on සදුදා, 27 මැයි 2019 12:52

    Latest News