ඓතිහාසික ජනවරමට මෝදිගේ ස්තූතිය

මැයි 24, 2019

    ඓතිහාසික ජනවරමක් ලබාදීම පිළිබඳ ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි ජනතාවට ස්තූතිය පළ කරයි.

    මෝදිගේ නායකත්වයෙන් යුත් භාරතීය ජනතා පක්ෂය, පාර්ලිමේන්තු ආසන 543න් 300ක් දිනා ගැනීමට සමත්ව තිබේ. ඓතිහාසික මැතිවරණ ජයග්‍රහණයෙන් අනතුරුව සිය පාක්ෂිකයින්ට ස්තූතිය පළ කිරිම සඳහා නවදිල්ලි නුවරදී විශේෂ වැඩසටහනකට අග්‍රාමාත්‍ය මෝදි ඊයේ එක්විය. භාරතීය ජනතා පක්ෂයේ සභාපති අමිත් ෂා එහි දී අග්‍රාමාත්‍යවරයාට උණුසු ලෙස පිළිගැනිණ. සිය පක්ෂ සාමාජිකයින් අමතමින් ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි කියා සිටියේ, අප සැමට නව ඉන්දියාවක් අවශ්‍ය බවයි. ඉන්දියාව නව මානයකට රැගෙන යාමට තමන්ට හැකි බව ඔහු එහි දී කියා සිටියේය. 2024 වන විට සංවර්ධිත ඉන්දියාවක් නිර්මාණය කිරීමට එක්ව ක්‍රියා කරනුයැයි, ඉන්දීය අග්‍රාමාත්‍යවරයා එහි දී ඉල්ලා සිටියේය.

    ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මැතිවරණය ජය ගනිමින් තවත් වසර 5ක ධුර කාලයක් සඳහා තේරී පත්විය. 2014 වසරේ ලබාගත් මැතිවරණ ප්‍රතිඵලවලට වඩා වැඩි අගයකින් මෙවර මැතිවරණය ජය ගැනීම සුවිශේෂීයි. රාහුල් ගාන්ධිගේ නායකත්වයෙන් යුත් කොංග්‍රසයට ලබාගත හැකි වූයේ ආසන 60කටත් අඩු සංඛ්‍යාවක්. අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිගේ නායකත්වයෙන් යුත් සන්ධානය පාර්ලිමේන්තුවේ ආසන 350කට ආසන්න සංඛ්‍යාවක් දිනාගනු ඇතැයි අපෙක්ෂා කෙරේ.

    Latest News