ඉන්දුනීසියාවේ මැතිවරණ ප්‍රචණ්ඩක්‍රියාවලින් 6ක් මරුට

මැයි 23, 2019

    ඉන්දුනීසියාවේ පශ්චාත් මැතිවරණ ප්‍රචණ්ඩක්‍රියා වලින් 6 දෙනෙක් මියගොස් තිබෙනවා. තුවාල ලැබූ පිරිස 200 ක්.

    ජනාධිපති ජොකෝ විදෝදෝගේ යලිත් තේරීපත්වීමට විරුද්ධව මෙම විරෝධතා පැවැත්වුනා. ඒවා විපක්ෂය විසින් සංවිධානය කළ බවට රජය චෝදනා කරනවා. වැඩි වශයෙන් විරෝධතා පැවැත්වුණේ ජකාර්තා අගනුවරයි. එරට පොලිසිය පවසන්නේ උද්ඝෝෂකයන් මියයාමට හේතු සොයා බලමින් සිටින බවයි. ඔවුන්ට එරෙහිව සජීව උණ්ඩ භාවිත කළ බවට පොලීසියට චෝදනා එල්ල වෙයි. නමුත් පොලීසිය එම චෝදනා ප්‍රතික්ෂේප කරන බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ. එරට සමාජ මාධ්‍ය අත්හිටුවීමට රජය පියවර ගෙන තිබෙනවා. අසත්‍ය කරුණු ප්‍රචාරය කිරීම වැළැක්වීම ඊට හේතුවයි.

    Last modified on බ්‍රහස්පතින්දා, 23 මැයි 2019 07:35

    Latest News