ඉරානය ට්‍රම්ප්ට දුන් පිළිතුර

මැයි 21, 2019

    අමෙරිකානු ජනාධිපතිවරයාගේ සමූහ ඝාතක උපහාස බැහැර කරන බව ඉරාන විදේශ අමාත්‍යවරයා කියා සිටියි.

    ඔහු වැඩිදුරටත් සඳහන් කළේ ඉරානයට තර්ජනය කිරීමෙන් වළකින ලෙසයි. ඉරාන විදේශ අමාත්‍ය ජාවේඩ් සාරිෆ් මේ බව කියා සිටියේ, අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පසුගියදා කළ ප්‍රකාශයකට පිළිතුරු වශයෙන්.

    ට්‍රම්ප් කියා සිටියේ, ඉරානය අමෙරිකාව හා යුද්ධයකට පැටලුනහොත් එය ඉරානයේ අවසානය බවයි. ඊට ප්‍රතිචාර වශයෙන් ඉරාන විදේශ අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේ අමෙරිකානු ජනාධිපතිවරයා ඉතිහාසය සොයා බැලිය යුතු බවයි. අමෙරිකාව මේ වන විට ගල්ෆ් කලාපයේ තම හමුදා ශක්තිය ඉහළ නංවමින් සිටියි. පසුගිය සති කිහිපය තුළ අමෙරිකාව අමතර යුද නෞකා හා ගුවන් යානා රැසක් ගල්ෆ් කලාපයට පිටත්කර යවා තිබේ.

    Last modified on අඟහරුවාදා, 21 මැයි 2019 09:02

    Latest News