ට්‍රම්ප් ඉරානයට අනතුරු අඟවයි

මැයි 20, 2019

    අමෙරිකාව සමය යුද්ධයකට එළැඹුනහොත්, එය නිල වශයෙන් ඉරානයේ අවසානය බව අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් කියා සිටියි.

    ඔහු අනතුරු අඟවන්නේ, මින් ඉදිරියට අමෙරිකාවට තර්ජනය නොකරන ලෙසයි. ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් අමෙරිකානු ජනාධිපතිවරයා ඊයේ මේ බව සඳහන් කළේය. දෙරට අතර යුද්ධයක් ඇතිවීමේ පෙර නිමිති පෙන්නුම් කළ අතර, මේ වන විට අමෙරිකානු යුද නෞකා, ගුවන් යානා ප්‍රවාහන නෞකා සහ අතිරේක ගුවන් යානා ද ගල්ෆ් කලාපයට යවා තිබේ. කෙසේ වෙතත් ඉරාන - අමෙරිකා උණුසුම පිළිබඳ අදහස් දක්වන ඉරාන විදේශ අමාත්‍ය ජවාඩ් සරීෆ් පවසන්නේ, අමෙරිකාව සමග යුද වැදීමේ සූදානමක් නොමැති බවයි.

    Last modified on සදුදා, 20 මැයි 2019 11:02

    Latest News