දහසක් හඩවමින් පැරිසියේ නොට්‍රේඩම් දෙව්මැදුර ගිනිගනී

අප්‍රේ 16, 2019

    ප්‍රංශයේ ඓතිහාසික දේවස්ථාන ගොඩනැගිල්ලක විශාල ගින්නක් හටගෙන තිබේ.

    දේවස්ථානයේ නවීකරණ ක්‍රියාවලිය හේතුවෙන් ගින්න හටගන්නට ඇතැයි සැක කෙරේ. පැරිස් අගනුවර වසර 850ක් පමණ පැරණි නොට්‍රේඩම් දේවස්ථානයේ ඉහළ කොටසේ ගින්න හට ගැනිණ. එහි දී වහලයේ කොටසක් කඩා වැටී තිබේ. ගින්න හටගෙන ඇත්තේ ගොඩනැගිල්ලේ නවීකරණය කෙරෙන කොටස ආශ්‍රිතවයි. ගින්න ව්‍යාප්ත නොවීම නිසා විශාල හානියක් සිදුව නැහැ. කෙසේ වෙතත් අලංකාරවත් වීදුරුවලින් සමන්විත ජනේලවලට දැඩි හානි සිදුව තිබේ.

    ගොඩනැගිල්ලේ කලාත්මක භාවය ආරක්ෂා කරමින් උතුරු කුළුණ කඩා වැටීම වළක්වාලීමට සියලු ක්‍රියා මාර්ග බලධාරීන් ගනිමින් ඇති බවයි වාර්තා වන්නේ. ගොඩනැගිල්ල ගිනි ගන්නා ආකාරය දැක බලාගැනීමට දහස් සංඛ්‍යාත පිරිසක් නොට්‍රේඩම් දේවස්ථානය ආසන්නයට එක්රැස්ව සිටියි. දේවස්ථානය ගිනි ගැනීමත් සමග අවට දේවස්ථානවල සීනු නාද කිරීමක් ද සිදුකර ඇති බවයි වාර්තා වන්නේ. දේවස්ථානය ගින්නත් සමග ප්‍රංශ ජනාධිපති එම්මානුවෙල් මැක්‍රොන් වැදගත් රූපවාහිනී වැඩසටහනක් අවලංගු කර තිබේ.

    Last modified on අඟහරුවාදා, 16 අප්‍රේල් 2019 07:45

    Latest News