ඉන්දිය මුහුදු සිමාවේදි හෙරොයින් තොගයක් අත්අඩංගුවට

අප්‍රේ 14, 2019

    කිලෝග්‍රෑම් 100කට අධික හෙරොයින් තොගයක් සමග ඉරාන ජාතිකයින් 09 දෙනෙක් ඉන්දීය මුහුදු සීමාවේදී එරට ත්‍රස්ත විමර්ශන කාර්යාංශය සහ නාවික හමුදාව එක්ව සිදුකළ ඒකාබද්ධ මෙහෙයුමකදී අත්අඩංගුවට ගෙන තිබේ.

    මෙම හෙරොයින් තොගයේ වටිනාකම ඉන්දීය රුපියල් කෝටි 500ක් අධික බව එරට මාධ්‍ය පවසයි.

    ඉන්දීය ත්‍රස්ත විමර්ශන කාර්යාංශයේ නිලධාරීන්ට ලද තොරතුරකට අනුව මෙහෙයුම ක්‍රියාත්මක කෙරිණ. මෙම මෙහෙයුම සඳහා ඉන්දීය වෙරළාරක්ෂක බලකාය, ඉන්දීය නාවික හමුදාවේ මැරීන් බලඝණය සහ ත්‍රස්ත විමර්ශන ඒකකය ඊට එක්වි ඇත.

    තොරතුරු අනුව පසුගිය මාර්තු මස 26 වෙනිදා මෙම සැකකටයුතු යාත්‍රාව සොයා විමර්ශන ආරම්භ කර ඇති අතර පැය 24ක් ගතවීමට මත්තෙන් ඉන්දීය වෙරළාරක්ෂක බලකායේ යාත්‍රාවක් මගින් මෙම හෙරොයින් තොගය රැගත් යාත්‍රාව ලුහුබැදීම ආරම්භ කර තිබුණා.

    ඉන්දීය ආරක්ෂක අංශ පසුපස එන බව දැනගත් හෙරොයින් ජාවාරම්කරුවන් සාක්ෂි විනාශ කිරීමේ අරමුණින් යාත්‍රාවට ගිනි ගබා තිබේ. මේ අනුව වෙරළාරක්ෂක බලකායේ නිලධාරීන් මහත් පරිශ්‍රමයක් දරා යාත්‍රාව තුල තිබු හෙරොයින් කිලෝග්‍රෑම් 100ක ප්‍රමාණයක් හා ජාවාරමට සම්බන්ධ පුද්ගලයින් අත්අඩංගුවට ගැනීමට සමත්ව ඇත.

    ගිනි තැබිමෙන් හෙරොයින් තොගය ප්‍රවාහන කළ යාත්‍රාව මුහුදුබත්ව ඇති බව විදෙස් මාධ්‍ය පවසයි. මෙම හෙරොයින් තොගය පකිස්තානයේ ගුවාර්ඩ් වරායෙන් පටවා ඇති අතර ජාවාරම මෙහෙයවීම එරට සිටින ප්‍රසිද්ධ මත්කුඩු ජාවාරම්කරුවෙක් බව පැවසෙන හමීඩ් මාලෙක් බවට තොරතුරු අනාවරණය කර ගැනීමට ඉන්දීය ආරක්ෂක අංශ සමත්ව ඇත.

     

     

     

     

     

    Latest News