පැ.කි.මී 250 ක සුළි කුණාටුවක් ?

ජූලි 01, 2024

    කැරිබියානු දූපත් ප්‍රදේශ ඉදිරියේදී ‘බෙරිල්’ නමැති සුළි කුණාටුවේ බලපෑමට ලක් විය හැකි බවට අනතුරු ඇඟවීම් නිකුත් කර තිබෙනවා.

    ඒ, කැරිබියානු බලධාරීන් විසින්.

    කාළගුණ විද්‍යා අංශ පෙන්වා දී ඇත්තේ, එම සුළි කුණාටුව, හතර වැනි කාණ්ඩයේ කුණාටුවක් දක්වා වර්ධනය වනු ඇති බවයි. සුළි කුණාටුව පැයට කිලෝමීටර 250 ක වේගය ඉක්මවා යා හැකි බවට ද අනුමාන කෙරෙනවා.

    කැරිබියානු දූපත්වලට බලපෑ හැකි සුළි කුණාටුව බාබඩෝස්, ඩොමිනිකා, ග්‍රෙනඩා හා මාටනික් දූපත් ආසන්නයේදී ද ප්‍රබල විය හැකියි. බලධාරීන් ජනතාවට දැනුම් දෙන්නේ, තම නිවෙස්වලට වී ආරක්ෂිතව සිටින ලෙසයි.

    ‘බෙරිල් සුලි කුණාටුව’ මෙම වසරේ කැරිබියානු දූපත්වලට බලපෑ හැකි ප්‍රබලතම සුළි කුණාටුව බවයි, විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කරන්නේ.

    Latest News