ඉතාලිය සලිත කළ භූ කම්පන වැල

මැයි 22, 2024

    ඉතාලියේ නේපෝල්ස් නගරයේ හටගත් භූ කම්පනයක් හේතුවෙන් එහි පාසල් සහ කර්මාන්තශාලා තාවකාලිකව වසාදමා තිබෙනවා. 

    එරට‍ භූ විද්‍යා ඒකකය පවසන්නේ, ඉදිරි දිනවල තවත් ප්‍රබල භූ කම්පන ඇතිවීමේ අවදානමක් බවතින බවයි. 

    ඉතාලියේ  නේපෝල්ස් නගරය ආසන්නයේ ඊයේ රාත්‍රී රික්ටර් මාපක 4.4 භූ කම්පනයක් හටගෙන තිබෙනවා.   කිසිදු ජීවිත හානියක් වාර්තා නොවූ අතර, ගොඩනැගිලි කිහිපයකට අර්ධ හානි සිදු වුණා. 

    පසුකම්පන 150කට වැඩි ප්‍රමාණයක් වාර්තා වූ බව එරට භූ විද්‍යා හා ගිනිකඳු පිළිබඳ සමීක්ෂණ ඒකකය පවසනවා.  නේපෝල්ස් නගරය පිහිටා ඇත්තේ, භූ කම්පන බහුල ප්‍රදේශයකයි.  මේ නිසා එම ප්‍රදේශයේ පවුල් 39ක් ඉවත් කිරීමටද  පියවර ගැනුණා.   

    වසර හතළිහකට පසු එරටින් වාර්තා වූ  දරුණුතම භූ කම්පන මාලාව මෙයයි. පසුකම්පන හේතුවෙන් අසූදෙනෙකු පමණ ආරක්ෂිත ස්ථාන වෙත යොමු කර තිබෙනවා.  නගරයේ පිහිටි කාන්තා බන්ධනාගාරයේ රැඳවියන් 140 දෙනෙකු වෙනත් බන්ධනාගාර වෙත යොමු කෙරුණු බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

    Latest News