අයහපත් කාලගුණයෙන් සිසිලි දූපතේ 29ක් මරුට

නොවැ 05, 2018

    ඉතාලියට බලපෑ අයහපත් කාලගුණයෙන් මියගිය සංඛ්‍යාව 29 දෙනෙකු දක්වා ඉහළ ගොස් තිබේ. සිසිලි දූපතේ මියගිය පුද්ගලයින් 12 දෙනාගෙන් 9 දෙනෙකු එකම පවුලේ සාමාජිකයන්.


    ඉතාලියට බලපෑ අයහපත් කාලගුණයත් සමඟ ගංවතුර සහ නාය අනතුරු රැසක් වාර්තා විය. අයහපත් කාලගුණයෙන් විශාල පිරිසක් ද අවතැන්ව සිටී. ගංවතුර හා නාය අනතුරුවලින් විපතට පත් ප්‍රදේශ නීරික්‍ෂණය කිරීමට ඉතාලි අග්‍රාමාත්‍ය ගුයිසෙප්පේ කොන්ටේ ද ඊයේ එක්විය. විපතට පත් පවුල්වල සාමාජිකයන් හා සහන කටයුතුවල නිරත සේවකයන් හමුවී වත්මන් තත්වය පිළිබඳ අග්‍රාමාත්‍යවරයා සාකච්ජා කර තිබේ.

     

    Latest News