පලස්තීනය ජයග්‍රහණය අබියස

මැයි 22, 2024

    අයර්ලන්තය, නෝර්වේ සහ ස්පාඤ්ඤය යන රටවල් ලබන 28 වැනිදා සිට පලස්තීනය රාජ්‍යක් ලෙස පිළිගැනීමට, තීරණය කර  තිබෙනවා.

    එය, ඊශ්‍රායලයට හෝ හමාස් සංවිධානයට පක්ෂව ගත් තීරණයක් ද නොවන බවයි, ස්පාඤ්ඤය ප්‍රකාශ කරන්නේ. එම තීරණය, හුදෙක් සාමය අපේක්ෂාවෙන් ගත්තක් බව, ඔවුන් පෙන්වා දෙනවා.

    රටවල් තුනෙහි මෙම තීරණය සම්බන්ධයෙන්, ඊශ්‍රායල් විදේශ අමාත්‍යවරයා දැඩි අප්‍රසාදය පළ කර තිබෙනවා. මේ පිළිබඳව සාකච්ඡා කිරීමට  ඊශ්‍රාය‍ලයේ සිටින එම රටවලට අයත් තානාපතිවරුන් වහාම කැඳවීමටයි, ඊශ්‍රායල විදේශ අමාත්‍යවරයා පියවර ගෙන තිබෙන්නේ.  

    එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලය මෑතකාලීනව පලස්තීන රාජ්‍යයක් ලෙස පිළිගැනීමට ඉදිරිපත් කළ යෝජනාවට, එහි සාමාජිකයින් 140 ක් ඡන්දය ප්‍රකාශ කළා. අමෙරිකාව සහ එක්සත් රාජධානිය එම යෝජනා ප්‍රතික්ෂේප කොට සිටියා.

    Latest News