මිදුණු ගංගාවකට ගොඩ බැස්සවූ රුසියානු ගුවන් යානය

දෙසැ 29, 2023

    ‍මගීන් 34 දෙනෙකු රැගත් ගුවන් යානයක්, රුසියාවේ නැගෙනහිර ඝණ අයිස් තට්ටුවකින් මිදුණු ගංගාවක් මතට ‍ගොඩබස්වා තිබෙනවා.

    එය ගුවන් නියමුවාගේ අත්වැරදීමකින් සිදු වූවක් බවයි වාර්තා වන්නේ. ඊයේ උදෑසන අයිස් තට්ටුවකින් මිදුණු “කොලීමා” ගංගාව මතට මෙලෙස ගොඩබස්වා ඇත්තේ, “පෝලා එලායින්ස්” ගුවන් සේවයට අයත් ඇන්ටනෝව් - AN 24 මගී ගුවන් යානයක්. එම අවස්ථාවේ යානයේ මගීන් 30දෙනෙකු සහ කාර්ය මණ්ඩල සාමාජිකයන් 4 දෙනෙකු සිටි බව වාර්තා වනවා. සිද්ධියෙන් යානයේ කිසිවෙකුටත් අනතුරක් සිදු වී නැහැ. රුසියාවේ “සාකා” ජනරජයේ “යකුට්ස්ක්” නුවරින් පිටත්වූ යානය, “සයිරක්කා” නගරය බලා පියාසර කර, නැවත පැමිණෙමින් තිබූ බව, විදෙස් මාධ්‍ය වාර්තාවල සඳහන්. එම අවස්ථාවේ “සයිරක්කා” නගරයේ උෂ්ණත්වය, සෙල්සියස් අංශක ඍණ 40 දක්වා පහළ මට්ටමක පැවති බවයි වාර්තා වන්නේ. මූලික පරීක්ෂණවලින් හෙළි වී ඇත්තේ, ගුවන් යානය ගොඩබස්වා ඇත්තේ නියමුවා අතින් සිදු වූ අත්වැරදීමකින් බවයි.

    Last modified on සිකුරාදා, 29 දෙසැම්බර් 2023 19:06

    Latest News