මීදුමක් අහිමි කළ ජීවිත 10 ක් ?

දෙසැ 29, 2023

    තුර්*කියේ වයඹදිග ප්‍රදේශයේ අධිවේගී මාර්ගයක සිදු වූ රිය අනතුරකින්, දස දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

    විදෙස් මාධ්‍ය සඳහන් කරන්නේ, මාර්ගයේ ධාවනය වෙමින් තිබූ වාහන 7 ක්, එකිනෙක ගැටී ඇති බවයි. තුර්කියේ “සකාර්යා” පළාතේ උතුරු  “මර්මාරා” අධිවේගී මාර්ගයේ සිදු වූ මෙම අනතුරින්, තවත් 59 දෙනෙකු තුවාල ලැබුවා. ධාවනය වෙමින් තිබූ බස් රථ 3 ක් සහ ට්‍රක් රථයක් ඇතුළු වාහන 7 ක් එකිනෙක ගැටී තිබෙනවා. විදෙස් මාධ්‍ය සඳහන් කළේ, අනතුර හේතුවෙන් අධිවේගී මාර්ගයේ “ඉස්තාන්බුල්” නගරය දක්වා ගමනාගමනය ඇනහිටි බවයි. මේ දිනවල ප්‍රදේශයට බලපා ඇති ඝණ මීදුම හේතුවෙන් අනතුර සිදුවන්නට ඇතැයි සැක කෙරෙනවා. කෙසේ වුවද අනතුරට නිශ්චිත හේතුවක් මෙතෙක් තහවුරු වී නැහැ.

    Latest News