40ක් අළුකළ ඉන්ධන බවුසර් අනතුර

දෙසැ 29, 2023

    මධ්‍යම ලයිබීරියාවේ ඉන්ධන ප්‍රවාහන රථයක් අනතුරකට ලක්වීමෙන්, 40 දෙනෙකු මිය‍ගොස් තිබෙනවා.

    විදෙස් මාධ්‍ය සඳහන් කරන්නේ, තවත් 80 කට අධික සංඛ්‍යාවක් තුවාල ලබා ඇති බවයි. “මොන්රෝවියා” අගනුවර සිට කිලෝ මීටර 130 ක් දුරින් පිහිටි මාර්ගයක ධාවනය වෙමින් තිබූ මෙම ඉන්ධන ප්‍රවාහන රථය පෙරළී යාමෙන් ගිනි ගැනීමකට ලක්ව තිබෙනවා. එම අවස්ථාවේ ඉන් පිටතට ගලාගිය තෙල් එකතු කිරීමට බූලි සහ බාල්දි රැගෙන පැමිණි පිරිස, ගින්නට හසුව ඇති බවයි වාර්තා වන්නේ. මියගිය පිරිස අතර ගර්භණී කාන්තාවක ද වනවා. බොහෝ සිරුරු පිළිස්සී අළු බවට පත්ව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තාවල සඳහන්. ලයිබීරියානු ජනාධිපති ජෝර්ජ් වෙයා, මියගිය අයගේ පවුල් වෙත සිය ශෝකය පළ කර තිබෙනවා.

    Latest News