ජිහාඩ් 200 කට යුදෙව්වෝ කරන්න යන දේ !

දෙසැ 24, 2023

    පසුගිය සතිය තුළ හමාස් සහ ඉස්ලාමීය ජිහාඩ් සාමාජිකයින් 200 දෙනෙකු අත්අඩංගුවට ගෙන ප්‍රශ්න කිරීම සඳහා තම භූමියට රැගෙන ගිය බව ඊශ්‍රායලය පවසනවා

    ඊශ්‍රායලය හමුදාව නිවේදනය කරන්නේ, ඇතැම් සැකකරුවන් සිවිල් ජනතාව අතර සැඟවී සිට ස්වේච්ඡාවෙන් භාර වූ බවයි.

    ගාසා තීරයේ මෙහෙයුම ආරම්භ කළ දා සිට පලස්තීන සටන්කාමීන් 700ක් අත්අඩංගුවට ගෙන ඇති බව, ඊශ්‍රායලය පවසනවා. එහෙත්, හමාස් සටන්කාමින් පවසන්නේ, ඊශ්‍රායලය හමුදාව මෙහෙයුම්වලදී කාන්තාවන් සහ ළමුන් වැඩි වශයෙන් ඝාතනය වී ඇති බවයි.

    මේ අතර, ගාසා තීරයේ සටන් හේතුවෙන් පුද්ගලයින් 20,000 කට වැඩි පිරිසක් මිය ගොස් 53,000 ක් තුවාල ලබා ඇති බව, හමාස් සෞඛ්‍ය අමාත්‍යාංශය පවසනවා. ඊයේ පමණක් තවත් පුද්ගලයින් 201 දෙනෙකු මියගොස්, තවත් 368 දෙනෙකු තුවාල ලබා ඇති බවයි, එම අමාත්‍යාංශය පවසන්නේ.

    Latest News