හමාස් දැඩි තීරණයක

දෙසැ 22, 2023
    යුද්ධය අවසන් වන තෙක් ප්‍රාණ ඇපකරුවන් නිදහස් නොකරන බව හමාස් සංවිධානය පවසනවා. ඔක්තෝබර් 7 වැනිදා ඊශ්‍රායලයෙන් පැහැරගනු ලැබූ ප්‍රාණ ඇපකරුවන් 120 දෙනෙකු පමණ තවමත් ගාසා තීරයේ පසු වන බවටයි විශ්වාස කෙරෙන්නේ.

    ඊශ්‍රායල - හමාස් යුද ගැටුම් නතර කිරීම සඳහා යෝජනාවක් සම්මත කිරීමට එක්සත් ජාතීන්ගේ සංවිධානය උත්සාහයක නිරතව සිටිනවා. සටන් විරාමයක් සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ ආරක්ෂක කවුන්සිලයට ගෙන එන යෝජනා කෙටුම්පත සම්බන්ධයෙන් තවමත් බරපතල කනස්සල්ලක් පවතින බවයි අමෙරිකාව පවසන්නේ.

    ඡන්දය ප්‍රකාශ කිරීම අද දිනය දක්වා කල් දමනු ලැබුවා. මෙම මාසයේ සතියක් පුරා පැවති සටන් විරාමය හේතුවෙන් ගාසා තීරයට ආධාර ගලා ඒම ඉහළ ගියා. එහෙත් යුද්ධය දිගටම පැවතුනහොත් ගසා තිරයේ දරුණු සාගතයක් ඇතිවීමේ අවදානමක් පවතින බවට එක්සත් ජාතීන්ගේ සංවිධානය අනතුරු අඟවා තිබෙනවා.
    බදාදා පැවති මූලික සාකච්ඡාවලට එකඟතාවක් නොතිබුණද, නව සටන් විරාමයක් පිළිබඳ සාකච්ඡා ඊජිප්තුවේ කයිරෝ නුවරදී සිදු කෙරෙමින් පවතිනවා.

    Latest News