සන්නද්ධ කල්ලියක් පහර දෙයි, 100 ක් ජීවිතක්ෂයට

දෙසැ 27, 2023

    මධ්‍යම නයිජීරියාවේ සනද්ධ කල්ලියක් එල්ල කළ ප්‍රහාරවලින් 100 දෙනෙකුට වැඩි පිරිසක් මියගොස් තිබෙනවා.

    ඉකුත් සෙනසුරාදා සිට නත්තල් දිනය දක්වා ප්‍රහාර මාලාවක් එල්ල කර ඇති බවයි නයිජිරියානු මාධ්‍ය වාර්තා කරන්නේ.

    ප්‍රහාර හේතුවෙන් මධ්‍යම නයිජීරියාවේ 140 දෙනෙකු පමණ මියගොස් ඇති බව ප්‍රාදේශීය බලධාරීන් තහවුරු කර තිබෙනවා.

    සන්නද්ධ කල්ලි සංවිධානාත්මකව ගම්මාන 20කට ප්‍රහාර එල්ල කර ඇති බවයි වාර්තා වන්නේ.   තුවාල සිදුවූ 300 කට වැඩි පිරිසක් සැඟවී සිටීයදි එරට ආරක්ෂක අංශ විසින් රෝහල් ගත කර ඇති බවයි බලධාරීන් මාධ්‍යට පවසා ඇත්තේ. 

    තවත් පිරිසක් අතුරුදහන් බවයි වාර්තා කරන්නේ. ප්‍රහාරයේ වගකීම කිසිදු කණ්ඩායමක් භාරගෙන නැති අතර, ආරක්ෂක අංශ විමර්ශන සිදු කරනවා.   සනද්ද කල්ලි සහ ඔවුන්ගේ ක්‍රියාවන් මැඩලීමට නයිජීරියානු ආරක්ෂක අංශ විවිධ මෙහෙයුම් දියත් කරත් ඒවා අසාර්ථක වී තිබෙනවා.

    Latest News