පැය 24ට ගාසා තීරයේ මරණ 700ක්

ඔක් 25, 2023
    ගතවූ පැය 24 ක කාලය තුළ ගාසා තීරයට එල්ල වූ ඊශ්රායල ප්රහාරවලින් පල්සතීන සිවිල් වැසියන් 700 කට අධික පිරිසක් මියගොස් ඇතැයි හමාස් පාලන සෞඛ්ය අමාත්යාංශය පවසනවා.

    ඊශ්රායල හමුදාව කියා සිටින්නේ, ඉලක්ක 400 කට එල්ල කළ ප්රහාරවලින් හමාස් අණදෙන නිලධාරීන් කිහිපදෙනෙකු මියගොස් ඇති බවයි.

    ඊශ්රායල - හමාස් ගැටුම්වලදී අන්තර්ජාතික මානුෂීය නීති උල්ලංගණය කිරීම පිළිබඳව එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහ ලේකම් ඇන්ටෝනියෝ ගුටරේස් කණගාටුව පළ කරනවා.
     
    ඔහු පවසන්නේ, ගාසා තීරයේ සිවිල් වැසියන් මිනිස් පලිහක් ලෙස යොදා ගැනීම සහ සිවිල් වැසියන්ට ඉවත් වීමට ලබාදුන් කාලය අතරතුර, ප්රහාර එල්ල කිරීම හෙළා දකින බවයි.
     
    හමාස් සංවිධානය ගාසා තීරය තුළ ප්රාන ඇපකරුවන් 200 කට ආසන්න පිරිසක් රඳවා ගෙන සිටින බව විදෙස් මාධ්ය වාර්තා සඳහන් කරනවා.
     
    ඊශ්රායල ප්රහාර හමුවේ ගාසා තීරයේ ළමයින් 2360 දෙනෙකු මියගොස් ඇති අතර, තුවාල ලැබූ සංඛ්යාව 5300 ඉක්මවා ඇති බව එක්සත් ජාතීන්ගේ ළමා අරමුදල පවසනවා.

    Latest News