ලෝක ජනාවාස දිනය අදයි

ඔක් 02, 2023

    ලෝක ජනාවාස දිනය අදයි. ''සුරක්ෂිත නාගරික ආර්ථිකයක්'' මෙවර ජනාවාස දිනයේ තේමාවයි.



    මෙවර සැමරෙන්නේ, එහි 37 වැන්නයි. තමා සතු නිවසක් යන්න සමස්ත මානව වර්ගයාගේම ප්‍රාර්ථනයයි. 1985 දී එක්සත් ජාතීන්ගේ සංවිධානය සෑම වසරකම ඔක්තෝබර් පළමුවැනි සඳුදා ලෝක ජනාවාස දිනය ලෙස නම් කරනු ලැබුවා.

    ''1986 වසරේදී නිවහන මගේ අයිතියයි'' තේමාවෙන් ජනාවාස දිනය සැමරීම ආරම්භ කෙරුණා.

    මානව ජනාවාස විශේෂයෙන් කථාබහට ලක් විය යුතු මාතෘකාවක් බවත්, ඒ සඳහා විශේෂ දිනයක් ප්‍රකාශයට පත් කළ යුතු බවත් එක්සත් ජාතීන්ගේ සංවිධානයට යෝජනා කළේ, ශ්‍රී ලංකාවේ හිටපු අග්‍රාමාත්‍ය රණසිංහ ප්‍රේමදාස මහතායි.

    යටිතල පහසුකම් ප්‍රමාණවත් නොවීම, නිවාස හිඟකම, දේපල අයිතියේ ගැටලු, වාහන තදබදය, වායු හා පරිසර දූෂණය, සෞඛ්‍ය හා සනීපාරක්ෂාව සම්බන්ධ ගැටලු, රැකියා සහ භූමිය සීමිත වීම යන ගැටලු රැසක් අප හමුවේ පවතිනවා.

    නාගරීකරණය වන ජනතාවගේ අවශ්‍යතා පුළුල් අධ්‍යයනයකට ලක් කරමින්, සුරක්ෂිත නාගරික ආර්ථිකයක් තහවුරු කළ යුතුයි.

    එය මෙවර ජනාවාස දිනයේද තේමාවයි. සුවපහසු හෙට දිනයක් වෙනුවෙන් කැප වන නාගරික ජනතාවක් හා නාගරික පරිසරයක් ගොඩනැගීමට මෙවර ලෝක ජනාවාස දිනයේ අදිටන් කර ගනිමු.


    Latest News