13කට මරු කැඳ වූ මර්සියා ගින්න

ඔක් 02, 2023

    ගිනිකොනදිග ස්පාඤ්ඤයේ මර්සියා නගරයේ සමාජ ශාලා තුනක හටගත් ගින්නකින් 13 දෙනෙකු මියගොස් තිබෙනවා.

    මියගිය පුද්ගලයින් 14 දෙනෙකු තවමත් හඳුනාගෙන නොමැති බවයි විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කරන්නේ.

    ෆොන්ඩා මිලාග්‍රෝස් රාත්‍රී සමාජ ශාලාවේ ගින්න හටගත් අතර, අසළ තිබූ අනෙකුත් සමාජ ශාලා වෙතද ගින්න පැතිර ගොස් තිබෙනවා. මියගිය අය අතර, උපන් දිනයක් සමරමින් සිටි එකම පවුලේ සාමාජිකයන් පිරිසක්ද සිටින බව මාධ්‍ය වාර්තාවල සඳහන්. ගින්නට හේතුව මෙතෙක් හෙළි වී නැහැ. ගින්නට හසුවූ පුද්ගලයින් සෙවීම ඉතා දුෂ්කර බව සහන සේවකයින් කියා සිටිනවා.

    Last modified on සදුදා, 02 ඔක්තෝබර් 2023 11:56

    Latest News