ලෝක ජනාවාස දින සැමරුම අගමැති ප්‍රධානත්වයෙන් අරලියගහ මන්දිරයේදී

ඔක් 03, 2020

    2020 ලෝක ජනාවාස දින සැමරුම් උත්සවය අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ ආශීර්වාදයෙන්, අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ඔක්තෝම්බර් 05 දින ප.ව. 02.00 ට අරලියගහ මන්දිරයේදී පැවැත්වේ.

    ඒ ග්‍රාමීය නිවාස සහ ඉදිකිරීම් හා ගොඩනැගිලි ද්‍රව්‍ය කර්මාන්ත ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍යඑ ඉන්දික අනුරුද්ද මහතාගේ ආරාධනයෙනි.

    එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින්, 1985 වසරේ වාර්ෂික සැසිවාරයේදී ඉදිරිපත් කෙරුණු යෝජනාවකට අනුව 1986 වසරේ සිට සෑම වසරකම ඔක්තෝබර් මස ප්‍රථම සඳු දින ලෝක ජනාවාස දිනය (World Habitat Day) වශයෙන් ප්‍රකාශයට පත්කොට තිබේ. ඒ අනුව මෙවර ලෝක ජනාවාස දිනය ඔක්තෝබර් මස 05 වන සඳු දිනට යෙදී ඇත. පසුගිය වසර 33 ක කාලය තුළ නිවාස හා ජනාවාස ක්ෂේත්‍රයට අදාළ විවිධ වූ තේමාවන් යටතේ ලෝක ජනාවාස දින සැමරුම සිදුකරනු ලැබීය.

    සෑම වර්ෂයකම විශේෂිත වූ තේමාවක් යටතේ ලෝක ජනාවාස දිනය සමරනු ලබන අතර මෙවර තේමාව වනුයේ “Housing for All : A Better Urban Future” (සැමට සුවපහසු නිවසක් - සතුට සපිරි නගරයක්) යන්නයි.

    ලෝක ජනාවාස දිනය ලොව පුරා ක්‍රියාවට නංවන එක්සත් ජාතීන්ගේ මානව ජනාවාස වැඩසටහනේ (UN-Habitat) ශ්‍රී ලංකාවේ නියෝජිත ආයතනය වන්නේ නිවාස විෂයභාර අමාත්‍යාංශය යි.

    Latest News