බ්‍රසීලයට බලපෑ ගංවතුර

සැප් 06, 2023

    බ්‍රසීලයට බලපා ඇති අධික වැසි සහ ජලගැලීම් හේතුවෙන් 21 දෙනෙකු මියගොස් තිබෙනවා.

    දහසක් පමණ ආරක්ෂිත ස්ථාන කරා යොමු කිරීමටයි ප්‍රාන්ත බලධාරීන් පියවර ගෙන ඇත්තේ.

    එරට ජනාධිපති ලුවිස් ඉනාෂියෝ ලූලා ද සිල්වා ප්‍රකාශ කළේ, රජය කඩිනමින් විපතට පත්වූවන් බේරා ගැනීමේ මෙහෙයුම් ක්‍රියාත්මක කළ බවයි. මුසියම් නගරයෙන් සියයට 85 ක භූමි ප්‍රමාණයක් මුළුමණින්ම ජලයෙන් යටවී ඇති අතර, පන්දහසක පමණ පිරිසකට දැඩි බලපෑම් එල්ල වී තිබෙනවා. මියගිය 15 දෙනෙකුගේ සිරුරු සොයා ගැනුණා. රියෝ ග්‍රෑන්ඩ් ඩොසෝල් නගරයේ ආණ්ඩුකාරවරයා කියා සිටියේ, මෙතෙක් තම ප්‍රදේශයට මුහුණපෑමට සිදුවූ දරුණුතම ගංවතුර තත්වය මෙය බවයි. ඉකුත් පැය 24 තුළ මිලීමීටර 300 ඉක්මවූ වර්ෂාපතනයක් එම ප්‍රාන්තයට ලැබී තිබෙනවා. සහන සේවා අංශ හෙලිකොප්ටර් යානා යොදා ගනිමින් මුදා ගැනීමේ මෙහෙයුම් කඩිනම් කර තිබෙනවා.

    Latest News