IS IS නායකයා සිරියාවේ දී මරුට

අගෝ 04, 2023

    අයිඑස් අයිඑස් සංවිධානයේ නායකයා වන අබු අල් හුසේන් අල් කුරාෂි සිරියාවේදී ඇතිවූ ගැටුම්වලින් මියගොස් තිබෙනවා.

    ඔහු එම සංවිධානයේ සිව් වැනි නායකයා ලෙසයි සැලකෙන්නේ.

    නව නායකයා ලෙස අබු හෆ්ෂාන් අල් හෂීම් අල් කුරාෂි පත් කොට තිබෙනවා. වයඹදිග සිරියාවේ කැරළිකරුවන් විසින් පාලනය කරනු ලබන ඉඩ්ලිබ් ප්‍රදේශයේ හයාට් අල් ෂමි අන්තවාදී සංවිධානය සමග ඇතිවූ ගැටුම්වලදී තම නායකයා මියගිය බව අයිඑස් සංවිධානය ඊයේ ප්‍රකාශ කළා. එහෙත්, ඝාතනය සිදුවූ දිනය නිශ්චිතව ප්‍රකාශ කොට නැහැ. තුර්කි ජනාධිපති රිසෙප්ට් එර්ඩොගන් මීට පෙර ප්‍රකාශ තිබුණේ, තුර්කි බුද්ධි අංශ අප්‍රේල් මාසයේ සිරියාවේ දී ඔහු ඝාතනය කළ බවයි. අයි එස් නායකයා සිරියාවේ ඇෆ්රින් ප්‍රදේශයේ සැඟවී සිටි ගොඩනැගිල්ලක ඡායාරූප කිහිපයක්ද තුර්කි මාධ්‍ය ප්‍රකාශයට පත් කොට තිබුණා.

    Latest News