45ක් එලොව යැවූ බ්‍රසීල මත්ද්‍රව්‍ය මෙහෙයුම්

අගෝ 03, 2023

    බ්‍රසීල පොලිසිය ප්‍රාන්ත 3 ක ක්‍රියාත්මක කළ මත්ද්‍රව්‍ය වැටලීමේ මෙහෙයුම්වලදී එම ජාවාරම්වලට සම්බන්ධ 45 දෙනෙකු ඝාතනය කර තිබෙනවා.

    පොලිස් නිලධාරියෙකු ඇතුළු තවත් සිව් දෙනෙකු එහිදී තුවාල ලබා ඇති බවයි, වාර්තා වන්නේ. පොලිසිය සහ ජාවාරම්කරුවන් අතර ඉකුත් සතිය තුළ සිදු වූ වෙඩි හුවමාරුවලදී මෙම ඝාතන සිදුව තිබෙනවා. එහිදී, මත්ද්‍රව්‍ය කිලෝ ග්‍රෑම් 385 ක් සහ ගිනි අවි රැසක් ද පොලිස් බාරයට ගැනුණා. ප්‍රදේශ රැසක පාසල් සහ සෞඛ්‍ය මධ්‍යස්ථාන රැසක් ද තාවකාලිකව වසා දමා ඇති බවයි, වාර්තා වන්නේ. මේ වසර ආරම්භයේ සිට මෙවැනි මෙහෙයුම් 33 ක් ක්‍රියාත්මක කෙරුණා. එහිදී, ජාවාරම්කරුන් 125 දෙනෙකු ඝාතනය වී ඇති බව, බ්‍රසීලයේ වාර්තාවල දැක්වෙනවා.

    Latest News