අණ නොතැකූ 17 හැවිරිදි රියදුරුට ප්‍රංශ පොලිසියෙන් වෙඩි

ජූනි 28, 2023

    ප්‍රංශයේදී පොලිස් අණ නොතකමින් මෝටර් රථයක් පදවා ගෙන ගිය, 17 හැවිරිදි තරුණ‍යෙකුට එරට පොලිසිය වෙඩි තබා තිබෙනවා.

    ඉන් සුළු මොහොතකට පසු ඔහු මිය ගිය බව හදිසි සෞඛ්‍ය සේවා අංශ ප්‍රකාශ කොට තිබෙනවා.

    මාර්ග නීති උල්ලංඝනය කරමින් එම තරුණයා, තම රථය පදවා ඇති අතර, පොලීසිය රථය නතර කිරීමට දුන් අණ පිළි නොපැදීම හේතුවෙන් වෙඩි තැබීම සිදු කර තිබෙනවා. පොලිස් නිලධාරීන් දෙදෙනෙකු තම ගිනි අවි දිගු කරමින් ඔහුට අණ දෙන ආකාරයේ දර්ශන සහිත ඡායා රූප මේ වන විට සමාජ මාධ්‍ය තුළ සංසරණය වෙමින් පවතිනවා. වෙඩි තැබීම සම්බන්ධයෙන් චෝදනා එල්ල වූ පොලිස් නිලධාරීයා මිනී මැරුම් ‍චෝදනා යටතේ රඳවා තැබීමට පියවර ගැනුණා. වෙඩි තැබීම සිදු වන අවස්ථාවේ, මෝටර් රථයේ තවත් දෙදෙනෙකු ගමන් කරමින් සිට තිබෙනවා. පුද්ගලයෙකු පළා ගොස් ඇති අතර, අනෙක් පුද්ගලයා අත්අඩංගුවට ගැනීමට පොලීසිය සමත් වුණා.

    Latest News