බොර තෙල් මිල ඉහළට

ජූනි 05, 2023

    ලෝක වෙළෙඳපොළේ බොර තෙල් මිල යළි ඉහළ ගොස් තිබෙනවා.

    ඒ, සෞදි අරාබිය ‍බොරතෙල් සැපයුම සීමා කිරීමත් සමගයි. මේ මස සිට සෞදි අරාබිය දෛනිකව බොර තෙල් නිෂ්පාදනය, බැරල් මිලියනයකින් අඩු කර තිබෙනවා. එසේම, මෙම ක්‍රියාමාර්ගය ජූනි මාසයේ සිට ක්‍රියාත්මක කිරීමටයි තීරණය කර ඇත්තේ. මෙහිදී සෞදි අරාබිය හා රුසියාව ප්‍රමුඛ ඔපෙක් ප්ලස් සාමාජිකයන් අතර පැවති සාකච්ඡාවකින් අනතුරුවයි සෞදි අරාබිය විසින් මෙම තීරණය නිවේදනය කර ඇත්තේ. ලොව ප්‍රමුඛතම තෙල් සැපයුම්කරුවා වන්නේ ද සෞදි අරාබියයි.

    Latest News