තුර්*කි නව කැබිනට් මණ්ඩලය පත් කෙරේ

ජූනි 04, 2023

    තුර්*කි ජනාධිපති රෙසප් තායිප් එර්ඩෝගන් එරට නව කැබිනට් මණ්ඩලය පත් කර තිබෙනවා.

    ඔහු මෙවර ක්‍රියා කර ඇත්තේ, රටේ පවතින උද්ධමනය ඇතුළු අර්*බුද රැසක් සමනය කිරීමේ නව වැඩපිළිවෙළක් සඳහා අමාත්‍ය ධුර රැසක වෙනස්කම් සිදු කිරීමටයි.  ජනාධිපතිවරයා ඊයේ පාර්*ලිමේන්තුවේදී සිය තෙවන ධුර කාලය සඳහා දිව්රුම් දීමෙන් පසු අන්කාරා අගනුවර ජනාධිපති මන්දිරයේදී නව කැබිනට් මණ්ඩලය ප්‍රකාශයට පත් කළා.

    උප ජනාධිපති ලෙස තෝරා ගෙන ඇත්තේ, හිටපු නියෝජ්‍ය අගමැති සෙව්ඩෙජට් ඉල්මාස්. රටේ ආර්*ථික අර්*බුදයට පිළියම් සෙවීමේ අරමුණින් හිටපු ආර්*ථික විශේෂඥයෙකු හා එරට ප්‍රධාන බැංකු ප්‍රධානියෙකු වූ මේමත් සිම්සෙක් නව භාණ්ඩාගාර සහ නව මුදල් අමාත්‍යවරයා ලෙස පත් කර තිබෙනවා.

    Latest News