පෙන්ස්ගේ තීරණය

ජූනි 06, 2023

    ‍අමෙරිකාවේ හිටපු උප ජනාධිපති මයික් පෙන්ස් ලබන වසරේ එරට පැවැත්වෙන ජනාධිපතිවරණය සඳහා තරග කිරීමට තීරණය කර තිබෙනවා. එළඹෙන ජනාධිපතිවරණය තවදුරටත් උණුසුම් මුහුණුවරක් ගෙන ඇති බවයි, වාර්තා වන්නේ.

    මයික් පෙන්ස්, උප ජනාධිපතිවරයා ලෙස ක්‍රියාකළ සමයේ අමෙරිකානු ජනාධිපතිවරයා වූයේ ඩොනල්ඩ් ට්‍රම්ප්.

    ඔහුද රිපබ්ලිකන් පක්ෂය නියෝජනය කරමින් එළඹෙන ජනාධිපතිවරණයට තරග වැදීමට නියමිතයි. ‍‍‍මයික් පෙන්ස් 63 හැවිරිදි වියේ පසුවනවා.

    ඔහු හෙට අයෝවා ප්‍රන්තයෙන් සිය පළමු මැතිවරණ ව්‍යාපාරය ආරම්භ කිරීමට නියමිතයි.

    2017 වසරේ සිට 2021 දක්වා සිව් වසරක කාලයක් අමෙරිකානු උප ජනාධිපතිවරයා ලෙස ක්‍රියා කළ පෙන්ස්ට එවකට ජනාධිපතිවරයා වූ ඩොනල්ඩ් ට්‍රම්ප්ට එරෙහිව තරග වැදීම ද විශේෂත්වයක්.

    සමීක්ෂවණයන්ට අනුව ඩොනල්ඩ් ට්‍රම්ප්ට ඉහළ ජනප්‍රියත්වයක් පවතින බවට වාර්තා වනවා.

    2021 වසරේ සිදු වූ කැපිටල් කැරැල්ලෙන් පසු මයික් පෙන්ස්, ඩොනල්ඩ් ට්‍රම්ප් විවේචනය කිරීමත් සමග ඔවුන් දෙදෙනා අතර යම් මත ගැටුමක් හට ගැනුණා.

    Latest News